ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2 වන කොරියානු තානාපති කුක්කිවොන් කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියෙහි සමස්ත අනුශූරතාවය දිනා ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම 2016 ජූලි මස  08, 09 සහ 10 යන දිනයන්හීදී කොළඹ ක්‍රීඩා නේවාසිකාගාර ක්‍රීඩාගාර සංකීර්ණයේදී පැවති 2 වන කොරියානු තානාපති කුක්කිවොන් කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියට සහභාගී වූහ.

අවසන් තරගය කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී 2016 ජූලි මස 23 වන දින අවසන් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කමක් ලබාගනිමින් මෙම තරඟාවලියෙහි සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.