ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරිනියන් සඳහා පෞර්ෂත්ව වර්ධන වැඩසටහනක්

ශ‍්‍රී ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ගුවන් හමුදා නිළධාරිනියන් උදෙසා සංවිධානය කරන ලද පෞර්ෂත්ව වර්ධන වැඩමුළුවක් පසුගිය 2016 ජූලි මස 20, 25 සහ 26 යන තෙදින තුළදී ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම පුහුණු වැඩමුළුව ”ඇක්සෙන්ක්ෂියා” හි අධ්‍යක්‍ෂිකා පි‍්‍රියංගනී ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන ලදී. පුද්ගලික සංවර්ධනය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළධාරිනියක් වීමේ වටිනාකම හා වගකීම පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය.

මෙහිදී පි‍්‍රියංගනී ජයවර්ධන මහත්මිය විසින් සේවා කාන්තාවක්, බිරිඳක්, මවක් සහ වගකීම් සහිත පුරවැසියෙක් වීම පිළිබඳව උපදෙස් දෙන ලද අතර වැඩමුළුවට සහභාගි වූ නිළධාරිනියන් සමග තම අත්දැකීම් හුවමාරු කර ගන්නා ලදී.

තවද, ප‍්‍රියංගනී ජයවර්ධන මහත්මිය විසින් ආරාධිත අමුත්තා හෝ සත්කාරකයා සතු වගකීම් පිළිබඳව, සැලසුම් කටයුතු, ආහාර ගැනීමේ ශීෂ්ට රීතීන්, යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම මත තම පෞර්ෂත්වය වර්ධනය කරගැනීම පිළිබඳව විස්තරාත්මකව උපදෙස් දෙන ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.