ශ්‍රී ලංකා ගුවන් හමුදාව "ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ් අප්" පාපැදි සවාරියේ පළමු අදියරය ජයගනී

"ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ් අප්" පාපැදි සවාරියේ පළමු අදියරය 2016 ජූලි මස 27 වන දින සාර්ථකව අවසන් විය.

මෙම පාපැදි සවාරියේ කාන්තා තරගයෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කාන්තා සුලෝචනා, නායක ගුවන් කාන්තා රණසිංහ සහ නායක ගුවන් කාන්තා දිල්රුක්ෂි පළමු, දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙලින් දිනාගැනීමට සමත් විය.

මාතර දී අවසන් වූ මෙම පාපැදි සවාරියේ පිරිමි තරගයේ පළමු අදියරයෙහිදී ගුවන් හමුදාවේ නායක ගුවන් භට නවීන් රුචිර පළමු ස්ථානය දිනාගැනීමට සමත් විය.

කොළඹ සිට ආරම්භ කරන ලද "ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ් අප්" පාපැදි සවාරිය දින 05ක් පුරා කිලෝමීටර් 780ක් ආවරණය වන පරිදි පැවැත්වෙන අතර සම්පූර්ණ තරඟය 2016 ජූලි මස 31 වන දින මඩකලපුවෙහිදී අවසන් වීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.