ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පැසැල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය - 2016

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පැසැල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය 2016 ජුලි මස 27 වන දින ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩාපිටියේදී පැවැත්විණ.

ප‍්‍රථමයෙන්ම ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ඔලිම්පික් පහන දල්වා උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. කුඩා දරු දැරියන්හට සතුටුවීම සඳහා ක‍්‍රීඩා හා විනෝද ක‍්‍රියාකාරකම් විශාල ප‍්‍රමාණයක් මෙහිදී සංවිධානය කර තිබිණ. මෙහිදී දරු දැරියන් විසින් ඉදිරිපත් කල තූර්ය වාදන සංදර්ශනය හා සරඹ සංදර්ශනය පැමිණ සිටි පිරිසගේ දැඩි අවදානයකට ලක්විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූ අතර දරුවන් හට තෑගි ප‍්‍රධානය කිරීම ද එතුමිය අතින් සිදුවිය. ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ ඇතුලු නිළධාරීන්, සෙසු නිළයින් හා දරු දැරියන්ගේ දෙමාපියන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.