කොග්ගල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගිය 2016 ජූලි මස 29 වන දින සිදු කරන ලදී.

මාර්ග පෙළ ඛණ්ඩයක ආචාරය මධ්‍යයේ, කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලදී

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. මෙහිදී 17118 බලලත් නිළධාරී ඩී එම් එස් එස් දිසානයක හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතිකයක්ද පිරිනමන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.