ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමට 9 වන ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් යුධ හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම පරදවා 09 වන ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට පසුගිය අගෝස්තු මස 01 වන දින සමත්විය. තරඟාවළිය අඹේපුස්ස යුධ හමුදා සිංහ රෙජිමේන්තු කඳවුරු, රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය මෙවර නොකඩවා 05 වෙනි වතාවට ජයග‍්‍රහණය කරන ලදී.

ශ‍්‍රී ලංකා යුධ හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් එම්එච්එස්බී පෙරේරා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.