නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා අද (3) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

මෙම හමුව ලුතිනන් මොරොරෙ මහතා ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් පත්වීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිළ හමුව බවට සනිටුහන් විය. ප්‍රථමයෙන් ගුවන් හමුදාධිපතිතුමන් ඔහු වෙත සිය සුභ පැතුම් එක් කළ අතර, දෙපාර්ශවයටම වැදගත්වන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් සුහද කථාබහක
නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.