පාකිස්ථාන ගුවන් හමුදා කාන්තා සංගමයේ සභාපතිනියට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ හරසර

ශ‍්‍රි ලංකාවේ නිළ සංචාරයක නිරත වන පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන්ගේ මැතිණිය සහ පාකිස්ථාන ගුවන් හමුදා කාන්තා  සංගමයේ සභාපතිනිය වන ටාලට් සොහේල් මහත්මිය ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් අද (2016 අගෝස්තු 08) දින උදෑසන කොළඹ නිළධාරී නිවස්නයේදී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන්ගේ මැතිණිය පිළිගනු ලැබූ මෙම පිළිගැනීමේ උත්සවය ගුවන් හමුදා නිළධාරීන්ගේ භාර්යාවන්, ගුවන් හමුදා නිළධාරිනියන් ඇතුළු රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙහිදී ශ‍්‍රී ලංකා සහ පාකිස්ථාන සංස්කෘතික අංගයන් රැසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම ශ‍්‍රී ලාංකීය සාම්ප්‍රදායික විවාහ උත්සවයක ප‍්‍රධාන අංගයක් වන පෝරුව චාරිත‍්‍රයට ඇතුලත් වූ අංගයට සංචාරක හමුදාධිපතිතුමන්ගේ මැතිණිය ඇතුළු ධූත පිරිසගේ නෙත් සිත් ඇදගන්නට සමත් විය.

එසේම ටාලට් සොහේල් මහත්මිය ඊයේ (2016 අගෝස්තු මස 07 වන) දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සමන්ති බුලත්සිංහල මහත්මිය ඇතුළු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමග පින්නවල අලි අනාථාගාරයේ සංචාරයකද නිරත වූවාය.



පින්නවල අලි අනාථාගාරය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.