පාකිස්ථානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා 2016 අගෝස්තු මස 08 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

එහිදී පකිස්ථානු ගුවන් හමුදාධිපතිතුමන්ව ශ්‍රී ලංකා ලංකා ගුවන් හමුදාධිපතිතුමන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර ගුවන් හමුදා වර්ණ බලඝනය විසින් උත්තමාචාර පෙළපාලියක් ද පැවැත්විණ.

මෙම හමුවීම සිහිපත් වීම පිණිස පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.