පාකිස්ථාන ගුවන් ගුවන් හමුදාධිපති ආරක්ෂක අමාත්‍යංශය, යුධ හමුදා හා නාවික හමුදා මූලස්ථානවල සංචාරයක

පාකිස්තානය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහේල් අමාන් මහතා 2016 අගෝස්තු 08 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා යුධ හමුදාධිපති හා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවිය.

ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමන් විසින් පාකිස්ථාන ගුවන් හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර යුධ හමුදා සහ නාවික හමුදා මූලස්ථානවලදී ගෞරව සමිමාන මුරයක් පිරිනමමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිලිගන්නා ලදී.

මෙම අවස්ථාව සිහිපත් විම පිණිස ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහේල් අමාන් මහතා සහ යුධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ඒ ඩබ් ජේ සී ද සිල්වා හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අතර සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී.



Secretary to the Ministry of Defence


Sri Lanka Army



Sri Lanka Navy
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.