අංක 51 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව විසිර යයි

අංක 51 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝතසවය 2016 අගෝස්තු මස 08 වන දින චීන වරාය විද්‍යාපීඨයේ ඇස්ට‍්‍රා සිනමා ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සති 14 ක පමණ කාළයක් පවත්වන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 19 දෙනෙකු, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් නිළයේ නිළධාරියෙකු, ශ‍්‍රී ලංකා ‍යුධ හමුදාවේ කැප්ටන් නිළයේ නිළධාරීන් 04 දෙනෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාවේ එක් නිළධාරියෙකු මෙලෙස සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

මෙම කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිම කරන ලද නිලධාරීන් සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳව පිළිගත් පශ්චාත් උපාධි ඩිලප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබයි.

විශේෂ සම්මාන හිමිකරගනු ලැබූ නිළධාරීන්ගේ විස්තර පහත සඳහන් වේ.

සෑම අතින්ම දක්‍ෂ නිළධාරියා 
ෆ්ලයිට් ලෙෆ්ටිනන් එච් ඩී කේ ආර් හිදුරංගල (රෙජිමේන්තු)

සෑම අතින්ම දක්‍ෂ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නොවන නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් එම්ඞී මලික් අරිෆ් රස්ඩ් (නියමු නිළධාරී පොදු රාජකාරි - බංගලාදේශ ගුවන් හමුදාව)

දක්‍ෂතම පොත් සමාලෝචන නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් එච් කේ වයි යූ සෝමවංශ (රෙජිමේන්තු)

දක්‍ෂතම ක‍්‍රීඩකයා
ස්කොඞ්රන් ලීඩර් ජී ඞී පී ප්‍රේමදාස (තාක්‍ෂණ ඉංජිනේරු)

දක්‍ෂතම කළමණාකරණ නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් එම්ඞී මලික් අරිෆ් රස්ඩ් (නියමු නිළධාරී පොදු රාජකාරි - බංගලාදේශ ගුවන් හමුදාව)

දක්‍ෂතම කථිකයා
ස්කොඞ්රන් ලීඩර් එම්ඞී මලික් අරිෆ් රස්ඩ් (නියමු නිළධාරී පොදු රාජකාරි - බංගලාදේශ ගුවන් හමුදාව)

ඉගෙනුම් අතින් දක්‍ෂතම නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් එම්ඞී මලික් අරිෆ් රස්ඩ් (නියමු නිළධාරී පොදු රාජකාරි - බංගලාදේශ ගුවන් හමුදාව)

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.