පාසල් දරු දැරියන් සදහා ගුවන්යානා සහ ගුවන්යානා ඉංජිනේරු තාක්‍ෂණ දැනුම පිළිබඳ වැඩමුළුවක්

පාසල් නිවාඩු සමයේ ගුවන්යානා සහ ගුවන්යානා ඉංජිනේරු තාක්‍ෂණය පිළිබදව පාසල් ළමුන් සදහා තෙදින වැඩමුළුවක් ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදි.

2016 අගෝස්තු මාසයේ නිවාඩු කාළ සීමාව තුල වැඩමුළු 05 ක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩමුළුව සදහා පාසල් දරු දැරියන් 300 ක් පමණ සහභාගී වූහ. මෙහි පළමු වැඩමුළුව 2016 අගෝස්තු මස 01 දින සිට 03 වන දින දක්වා පවත්වනු ලැබූ අතර එහිදී ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ගුවන්යානා සහ ගුවන් සේවා පිළිබඳව මූලික දැනුම ලබා දෙන ලදි. වැඩමුලුවට සහභාගී වූ සියලු දරු දැරියන් සදහා දැනුම ලබා දීමට දේශන නිදර්ශන සහ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් වලට අමතරව අධීක්‍ෂණ පර්යේෂණ සිදු කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.