දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා අනුස්මරණ දේශනය 2016

විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සංගමය මගින් 04 වන වරටත් සංවිධානය කරන ලද දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා වාර්ෂික අනුස්මරණ දේශනය 2016 අගෝස්තු මස 11 වන දින ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදි. මෙම අනුස්මරණ උත්සවයේ ප‍්‍රධාන දේශනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පවත්වන ලදි.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් දේශමාන්‍ය ජෙනරල් ඩෙනිස් පෙරේරා මහතාගේ මතකයන් සිහි ගන්වමින් අවංකභාවය, වෘත්තිකභාවය, සංවෙිදීතාවය සහ "නිළධාරීකරණයේ ආචාර විධි" යන්න තේමාව  කර ගනිමින්  මෙම අනුස්මරණ දේශනය පවත්වන ලදි.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරචිචි මහතා, ති‍්‍රවිධ හමුදාපතිවරු සහ ති‍්‍රවිධ හමුදාවල සේවය කල විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුලු දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතාගේ ඥාතීන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.

අභාවප‍්‍රාප්ත දේශමාන්‍ය ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතා ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර එතුමන් 1977 සිට 1981 දක්වා අවුරුදු 04 කාලයක් යුධ හමුදාධිපති ලෙස කටයුතු කර ඇත. අනතුරුව එතුමන් ඔිස්ටේලියාවේ මහ කොමසාරිස් ලෙස පත් කරනු ලැබීය. පසුව එතුමන් ශී‍්‍රමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ කුලපති බවට පත්විය. ජාතියට එතුමන් විසින් කල ප‍්‍රශංසනීය සහ ගෞරවාන්විත සේවය අගයමින් 2000 වසරේ පැවති ශී‍්‍ර ලංකා රජය විසින් එතුමන් හට දේශමාන්‍ය යන කිර්තිනාමය පිරිනමන ලදි.  

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.