නෝර්වේ ගරු අග්‍රාමාත්‍ය තුමියට ගුවන් හමුදා උත්තමාචාර

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි නෝර්වේ අගමැතිනී ගරු එර්නා සෝල්බර්ග් මැතිණිය පිලිගැනීම ජනාධිපති ලේකම් කාර්යාල භූමියේදී අද දින (2016 අගෝස්තු මස 12)පවත්වන ලදී. එහිදී ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් ගරු අග්‍රාමාත්‍ය තුමියට උත්තමාචාර පිදීමක්ද සිදු කරන ලදි.

මෙහිදී  නෝර්වේ අගමැතිනී ගරු එර්නා සෝල්බර්ග් මැතිණිය පිලිගැනීම ශ‍්‍රි ලංකා ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා  ඇතුළු පිරසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී උත්තමාචාර පෙලපාලිය මෙහෙයවන ලද්දේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් එල් එන් මයුරංග විසිනි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.