පාලවිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය අගෝස්තු මස 12 වන දින සිදුකරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල් ඩී ආර් පී ගුණවර්ධන විසින් මාර්ග පෙළ ඛණ්ඩ ගුවන් හමුදාධිපති උත්තමාචාර මධ්‍යයේ ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

පරීක්‍ෂණය අතරතුරදී කඳවුරේ අළුතින් ඉදිකරන ලද පරිගණක විද්‍යාගාරය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.

22812 සැරයන් විජේබණ්ඩාර ඒ එම් කේ යූ ජී සී, 24036 කෝප‍්‍රල් උදයපාල කේ ඒ ඩී ඒ එස්, 26466 කෝප‍්‍රල් හේරත් පී ඩී බී කේ සහ සිවිල් සේවක බී කේ සී රොද‍්‍රිගො මහතා හට ගුවන් හමුදාධිපතිතුමන් විසින්,  ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනතදමන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.