ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ පාඨමාලාව දියතලාව ගුවන් හමුදා කඳවුරේදී නිමා වෙයි

ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ නැවත මතක් කරදීමේ 02/2016 පාඨමාලාව පසුගිය අගෝස්තු මස 01 වන දින සිට 12 වන දින දක්වා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී බී ලැබ්රෝයි විසින් පාඨමාලා සහතික පත් ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතන ලදී.

මෙහිදී සරඹ දැනුම, ධජ හා පතාක, භූමි මෙහෙයුම් තාක්ෂණය, ශාරීරික යෝග්‍යතාව, අභ්‍යන්තර ආරක්ෂණ මෙහෙයුම්, ගුවන් බුද්ධි තොරතුරු, භූමි යාත්‍රණය, පරිපාලන දැනුම, සාමාන්‍ය සේවා දැනුම සහ වෙඩි තැබීම පුහුණු කිරීම් සිදු කරන ලදී.

මෙම පාඨමාලාව ප‍්‍රධාන උපදේශක නිළධාරී පුහුණු, විංග් කමාන්ඩර් පී එස් ඇලෙක්සැන්ඩර් සහ නිළධාරී අණදෙන පුහුණු, විංග් කමාන්ඩර් ජී පී එන් සී පියසේන යන නිළධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.