ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2016

ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරඟාවලියෙහි අවසාන තරඟ 2016 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු රග්බි පිටියේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර හා ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල අතර පැවති පිරිමි අවසාන තරගයේදී විෂ්මයජනක සටනකින් පසුව 24-10 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.

කාන්තා තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව 15-0 ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර පරාජය කරමින් කාන්තා ශූරතාවය හිමිකර ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා මණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා රග්බි සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුලු නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.


   

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.