බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

බංගලාදේශ ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් පසුගිය අගෝස්තු මස 16 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. ති‍්‍රවිධ හමුදා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. මේජර් ජෙනරල් හමිදූර් රහ්මන් චවුද‍්‍රි, ආර්සීඩීඑස්, පීඑස්සී මහතා නියෝජිත මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබූහ.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එන් එච් වී ගුණරත්න විසින් පැමිණ සිටි නියෝජිත පිරිස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානය වෙත පිළිගන්නා ලදී. මෙහිදී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කාර්ය භාරය හා අනාගත සැලසුම් පිළිබදව දේශනයක් පවත්වන ලදී. අනතුරුව දෙපාර්ෂවය අතර ප‍්‍රශ්න සහ පිළිතුරු යොමු කරමින් සාකචිඡා වාරයක්ද පවත්වන ලදී.

දේශනය අවසානයේ නියෝජිත පිරිසේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් හමිදුර් රහ්මාන්  මහතා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතා හමුවිය. සුහද සාකච්ඡුාවකින් අනතුරුව මාණ්ඩලික ප‍්‍රධානී තුමන් සහ ආරක්‍ෂක නියෝජිත පිරිස් ප‍්‍රධානී තුමන් අත.ර සමරු තිළිණ හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.