ඉන්දීය ජාතික ආරක‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

නව දිල්ලියේ, ඉන්දීය ජාතික ආරක‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් අද (2016 අගෝස්තු මස 23 වන* දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. 17 දෙනෙකුගෙන් සමන්විත  ඉන්දීය ත්‍රිවිධ හමුදා ෙජ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් මෙලෙස ඔවුන්ගේ පාඨමාලාවේ විදේශ සේවා අධ්‍යයන චාරිකාව ලෙස ශ‍්‍රී ලංකාවේ  සංචාරයක නිරත වෙයි.

මේජර් ජෙනරල් සුනිල් ශ‍්‍රීවාස්තව් වීඑස්එම් නියෝජිත පිරිසෙහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබීය. ගුවන් හමුදා පුහුණු අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් එන් එච් වී ගුණරත්න විසින් පැමිණ සිටි නියෝජිත පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය වෙත පිළිගන්නා ලදී. නියෝජිත පිරිසේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුනිල් ශ‍්‍රීවාස්තව් වීඑස්එම් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ මහතා හමුවිය. 

මෙහිදී ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී ගුවන් මෙහෙයුම් ගෘෘප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්ය භාරය හා අනාගත සැලසුම් පිළිබදව දේශනයක් පවත්වන ලදී. අවසානයේ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රශ්ණ පිළිතුරු සැසියකද මොවුහු නිරත වූහ.

දේශනය අවසානයේ සංචාරය සිහිගන්වමින් සමරු තිළිණ හුවමාරු කිරීමද සිදු කරන ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.