ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පුහුණු පාසල සිය 16 වන සංවත්සය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් රවී ජයසිංහ මහතාගේ සහ අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් ආර්ඒඩීඑස්ජේපී රණසිංහ නිළධාරීගේ මගපෙන්වීම යටතේ 2016 සැප්තැම්බර් මස 01 වන දින සිය 16 වන සංවත්සරය සමරනු ලැබීය.

සංවත්සරයට සමගාමීව 2016 අගෝස්තු මස 28 වන දින ති්‍රකුණාමලය රෝහල් පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදු කරමින් එහි පිරිසිදු කිරීම් කටයුතු සහ පිලිසකර කිරීම් කටයුතු එම පුහුණු පාසලේ සියලූ නිළයන්ගේ සහභාගීවයෙන් සිදු කරන ලදි. 2016 සැප්තැම්බර් මස 01 වන දින ඒකකයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් බෝධිරාජාරාම විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් සිදු කරන ලදි. අවසාන වශයෙන් සංවත්සර දින ඒකකයේ සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර වැඩ පෙළපාලිය සිදු කරන ලද අතර අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් ආර්ඒඩීඑස්ජේපී රණසිංහ නිළධාරී විසින් පෙළපාලිය නිරීක‍ෂණය සිදු කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.