ගුවන් හමුදාධිපතිතුමන් 150 වන පොලිස් සංවත්සර සැමරුම සඳහා සහභාගී වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2016 සැප්තැම්බර් 03 වන දින බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති 150 වන පොලිස් සංවත්සර සැමරුම් උත්සවය සඳහා සහභාගී වූහ.

මෙහිදී පොලිස් තූර්ය වාදක කණ්ඩායම හා පොලිස් සංස්කෘතික කණ්ඩායම් ඒකාබද්ධව ඉදිරිපත් කල විචිත්‍රවත් සංස්කෘතික අංගයන් මෙම උත්සව අවස්ථාව වර්ණවත් කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමන්, අමාත්‍යවරුන්, ශ්‍රී ලංකා යුධ හමුදාධිපතිතුමන් හා නාවික හමුදාධිපතිතුමන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.