භෝජනාගාර භාරකරු 2016/1 උසස් පාඨමාලාව අවසන් වෙයි

භෝජනාගාර භාරකරු 01/2016 පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය පසුගිය සැප්තැම්බර් මස 06 වන දින සීගිරි ගුවන් හමුදා කදවුරේ පිහිටි ගුවන් සත්කාරක කළමණාකරණ පුහුණු පාසලේදී පවත්වන ලදි.

භෝජනාගාර භාරකරුවන් 15 දෙනෙකු පමණ උසස් පාඨමාලාව යටතේ පුහුණුව ලැබූ අතර ඔවුන් හට සහතිකපත් ප්‍රදානය මෙම අවස්ථාවේදී සිදු කෙරුණි. පාඨමාලාවේ හොදම සිසුවාට හිමි සම්මානය 42459 නායක ගුවන් භට පතිරණ ජීකේඑම්වීසී විසින් ලබා ගන්නා ලදි.

පාඨමාලාව මාස 06 ක් පුරාවට පැවැත්වුණු අතර මෙම කාළය තුල පුහුණුවන්නන් භෝජනාගාර භාරකරුවකුගේ වගකීම් සහ රාජකාරීන් කෑම පිසීමේ පටිපාටිය සහ භෝජනාගාර භාරකරුවන්ට අදාල පරිපාලන සහ පොදු රාජකාරීන් ගිණුම් සනීපාරක‍ෂාව භෝජනාගාර ගොඩනැගිලි ආරක‍ෂාව සහ අලූත්වැඩියාව ගෘහ පාලනය ඉංග්‍රීසි දැනුම පරිඝණක දැනුම ව්‍යාපෘති සැකසීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ආහාර හා බීම වර්ග පිළිබද ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබද වැඩිදුර හදාරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරේ අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් එච්එමිඑම්එස්බී හේරත් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර සත්කාරක කළමණාකරණ පාසලේ ප්‍රධාන උපදේශක ෆ්ලයිට් ලෙෆ්ටිනන් නුවන් චන්ද්‍රප්‍රේම ඇතුලූ කදවුරු සියලූම නිළධාරීන් සෙසු නිළයන් පිරිසක්  සහතිකපත් ප්‍රදානෝත්සවය සදහා සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.