ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 21) වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා හමුවිය.
ගුවන් හමුදාවේ 16 වන ගුවන් හමුදාධිපති වශයෙන් පත්ව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වු අතර මෙහිදී දෙපාර්ෂවයටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යතුමන් හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.


