10 වැනි සී කේ ක්ලැසික් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරගාවලිය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ නිලධාරීන් 02 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මැලේසියාවේ පැවැත්වුණු 10 වැනි සී කේ ක්ලැසික් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරගාවලිය සදහා සහභාගී වූහ. 2011 වර්ෂයේදී ටයිකොන්ඩෝ ක්‍රීඩාව ස්ථාපිත කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම ජාත්‍යන්තර තරග අවස්ථාවකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම ටයිකොන්ඩෝ තරගාවලිය 2016 සැප්තැම්බර් මස 23 වන දින සිට 25 වන දින දක්වා ක්වාලාලාම්පූර් හී බැඩ්මින්ටන් චියර්ස් ක්‍රීඩාංගණයේදී රටවල් 18 ක සහභාගීත්වයෙන් පවත්වන ලදී.

තවද 2016 සැප්තැම්බර් මස 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම ලෝක ටයිකොන්ඩෝ උපදේශක ඇකඩමියේ ග්‍රෑන් මාස්ටර් බයුන්ග් හී ලී(8 වැනි කළු පටි) සහ මාස්ටර් බූන් කිම් හවුට් (7 වැනි කළු පටි) යන විශේෂ සටන් පුහුණු උපදෙස් වැඩසටහනකට ද සහභාගී විය.

මෙම පළමු ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් ලබා ගැනීමට සමත් විය.

රිදී පදක්කම් ලාභීන්
43738 නායක ගුවන් භට ලියනගේ එල් සී එස්
ගුකා/01813 නායක ගුවන් කාන්තා දිසානායක ඩී එම් එන් පී

ලෝකඩ පදක්කම් ලාභීන්
025053 නායක ගුවන් භට රණසිංහ ආර් ඒ එස් ඩී
ගුකා/01677 නායක ගුවන් කාන්තා ගුණවර්ධන කේ ටී අයි එස්
ගුකා/01820 නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ් එම් පී කේ
ගුකා/01823 නායක ගුවන් කාන්තා ගුණවර්ධන ඩී ඩී එන් එල් ඩී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.