ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අද (2016 සැප්තැම්බර් 30) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ගුවන් හමුදා මුලස්ථානයේදී සාදරයෙන් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා වර්ණ පක‍ෂාංගය විසින් එතුමන් හට පෙළපාලි අනුඛන්ඩයක් මගින් උත්තමාචාර ද පිරිනමන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් අතර ගුවන් හමුදාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනු අතර මෙම හමුව සිහිවීම පිණිස දෙපාර්ෂවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. සංචාරය අවසානයේ ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය ද හමුවිය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.