ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් සදහා විශේෂ වැඩසටහනක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මැතිණියගේ සහභාගීත්වයෙන් 2016 ඔක්තෝම්බර් මස 01 වන දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර පරිශ‍්‍රයේදී පවත්වන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා දරු දැරියන් 250 කට අධික ප‍්‍රමාණයක් සහභාගී වී සිටිය අතර දරු දැරියන්ට විශේෂ වූ විනෝදාත්මක අංගයන් සහ ගුවන් හමුදා සුනඛ අංශය මගින් ඉදිරිපත් කරන ලද සුනඛ සංදර්ශණයක් ළමුන්ගේ විනෝදය සදහා පවත්වන ලදි.
    
මෙම වැඩසටහන සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයන් ඇතුළු චීන වාරාය විද්‍යාපීඨය මූලික කදවුරු සහ අනෙකුත් කදවුරු නියෝජනය වන පරිදි ළමුන් සහ රත්මලාන ගුවන් කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ මෙන්ම කදවුරු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.