ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවෙයි

ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 ඔක්තෝබර් 03) දින ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශ පරිශ‍්‍රයේදී ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවිය.

එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගුවන් හමුදාවේ 16 වන ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නිළ වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය වූ අතර සංචාරය සිහි ගැන්වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට නව තනතුරේ වැඩ භාර ගැනීම පිළිබදව ඔහුගේ සුභ පැතුම් එක් කිරීමද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.