ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට නව නිවසක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවණ” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකර නිම කරන ලද 16 වන නිවස ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩිකා කෝප්‍රල් නිමාලි ලියනාරච්චි හට ප‍්‍රදානය කිරීම 2016 ඔක්තෝබර් මස 06 වන දින රුක්මල්ගම, කොට්ටාව ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

මෙම නිවස ප‍්‍රදානය කිරීමේ උත්සවය ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කරන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මගින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් සුදර්ශන පතිරණ මහතා ඇතුළු ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.