වීරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණයට

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය 2016 ඔක්තෝබර් මස 07 වන දින සිදුකරන ලදී. වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒ ඩී එම් කෝරලගේ විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව කඳවුරු පරිශ්‍රය වෙත පිළිගන්නා ලද අතර එහිදී එතුමන්ට උත්තමාචාර පෙළපාලියක්ද පවත්වනු ලැබීය.

මෙහිදී කඳවුරේ සහ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීයාකාරී සේවයක් කල සිවිල් සේවක පී ජී අජිත් ප්‍රියන්ත (කම්කරු) මහතා ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.  

කඳවුරේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය පැවැත්වූ අතර එහිදී අලුතින් ඉදිකරන ලද ගුවන් කාන්තා නිවස්නය හා ආරක්ෂක මැදිරිය ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් නිලධාරීන්, සෙසු නිලයන් හා සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සියලුමදෙනා අමතමින් කඳවුරේ සිදුකර ඇති සියලු කාර්යන් සහ ඒ සඳහා දායක වූ සියලූ දෙනාට ප්‍රශංසා කරන ලද අතර සෑම විටම ගුවන් හමුදාවට සහ මාතෘ භූමියට එම දායකත්වය ඉතා අවශ්‍ය බව ද අවධාරණය කළේය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.