ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අධිකාරී නොලත් නිළධාරීන් සදහා ගුවන්යානා ආරක්‍ෂාව පිළිබද වැඩමුළුවක්

ගුවන්යානා ආරක්‍ෂක පිළිබද 04 වන වැඩමුළුව අධිකාරී නොලත් නිළධාරීන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2016 ඔක්තෝම්බර් මස 07 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ අධිකාරී නොලත් නිළධාරී පාසල් ශ‍්‍රවණාගාර පරිශ‍්‍රයේදී සාර්ථකව නිමා විය. මෙම වැඩමුළුව අධිකාරී නොලත් නිළධාරීන් හට 2016 වසර සදහා පවත්වනු ලැබූ දෙවන සහ අවසන් වැඩමුළුව විය.

වැඩමුළුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ගමන් ආරක්‍ෂක පරීක්‍ෂණ අංශය විසින් සංවිධානය කල අතර ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් සදහා සෘජුව සම්බන්ධ වන සේවා පුද්ගලයන් හට ගුවන්යානා ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය පිළිබද දැනුවත් කිරීම මෙහි අරමුණ විය. මෙම වැඩමුළුව සදහා අමතරව හෙලිටුවර්ස් ආයතනයේ මැදිරි කාර්්‍ය මණ්ඩලය සහ ගුවන් හමුදා හෙද හෙදියන් සහභාගී විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ශිල්පීය දැනුම ඇති සේවා පුද්ගලයන් මෙම වැඩමුළුව සදහා සහභාගී වූ අතර ඔවුන් විසින් වැඩමුළුව සදහා සහභාගී වූ අනෙකුත් අයවළුන් හට දැනුම ලබා දෙන ලදි.

2016 වර්ෂයේ පැවැත්වූ වැඩමුළු සදහා නිළධාරීන් 65 දෙනෙකු සහ අධිකාරී නොලත් නිළධාරීන් 101 ක්  සහභාගී වී ඇති අතර මෙය වර්ෂයක් සදහා සහභාගී වූ වැඩිම සේවා පුද්ගලයන් ප‍්‍රමාණයද විය.

මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය පාඨමාලා සංවිධායක විංග් කමාණ්ඩර් එස්එස්බී මාරබේ විසින් සිදු කල අතර ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨයේ පිඨාධිපති එයාර් කොමඩෝර් පීඞීකේඞී ජයසිංහ මහතා සහභාගී විය. පාඨමාලා අවසානයේ සහතිකපත් ප‍්‍රදානයද මෙම අවස්ථාවේදී සිදු කෙරුණි.
 
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.