ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය 2016

ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය 2016 ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී අවසන් විය. මෙම බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු තාක්ෂණික පක්ෂාංග කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.     


මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කදවුර සම පිරිමි අනුශූරතාවය දිනාගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර කාන්තා අනුශූරතාවය දිනාගැනීමට සමත්විය.  

තවද ගුවන් හමුදා රත්මලාන කඳවුරු තාක්ෂණික පක්ෂාංග කණ්ඩායමේ සැරයන් ලසන්ත ආර් එම් ආර් පී ආර් සී හොඳම බර උසුලන්නා ලෙසද ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කදවුරේ ගුවන් කාන්තා රන්දෙනි ආර් පී එස් එල් හොඳම බර උසුලන්නිය ලෙසද සම්මාන ලැබීය.  

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එල් එච් ඒ සිල්වා ඇතුළු නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද එක්ව සිටියහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.