අන්තර් ඒකක පැසි පන්දු තරඟාවළිය 2016

2016 අන්තර් ඒකක පැසි පන්දු තරඟාවළිය 2016 ඔක්තෝම්බර් මස 14 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී, චීනවරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය සහ කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

තරඟාවළියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් පිළිවෙලින් කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර සහ කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් හිමිකර ගන්නා ලදී.

ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා පැසි පන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ, නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.