ගුවන් හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරීන් සහ ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයන් සාර්ථකව නිමා වෙයි

විධායක මාධ්‍ය ඒකකය මගින් ගුවන් හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරීන් සහ ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ දෙකක් 2016 ඔක්තෝම්බර් මස 20 සහ 21 යන දෙදින තුල ගුවන් හමුදා මුලස්ථානයේදී පවත්වන ලදි.

විධායක මාධ්‍ය නිළධාරී විංග් කමාණ්ඩර් ගිහාන් සෙනෙවිරත්න විසින් සම්මන්ත‍්‍රණයේ මුලිකත්වය ගෙන කටයුතු කල අතර පැමිණ සිටි සියලූ සේවා පුද්ගලයන් අමතමින් විධායක මාධ්‍ය ඒකකයේ භුමිකාව පිළිබදව සහ මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරීන් සහ ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් විසින් ඊට සමගාමීව කදවුරු මට්ටමින් සිදු කල යුතු කාර්ය භාරය පිළිබදව දැනුවත් කරන ලදි. අනතුරුව මාධ්‍ය සම්බන්ධීකරණ නිළධාරීන් සහ ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් සම්බන්ධීකරණ කටයුතු වලදී මුහුණ දෙන ගැටලූ සහ ප‍්‍රශ්ණ පිළිබදව සාකච්ජා කරන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.