ගුවන් හමුදා කොග්ගල කදවුර සිය 32 වැනි සංවත්සරය සමරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර සිය 32 වන සංවත්සරය 2016 ඔක්තෝම්බර් මස 19 වන දින සමරනු ලැබීය.

සංවත්සර දිනට සමගාමීව කදවුරේ සියලූ සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් හබරාදූව පොදු සුසාන භූමිය සහ ආදාහනාගාර පරිශ‍්‍රය පිරිසිදු කිරිමේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදි. කරන ලද ප‍්‍රජා සේවාව වෙනුවෙන් අවට ගමිවාසීන් ප‍්‍රශංසාව හා ස්තුතිය පුද කරන ලදි.

තවද එදින සැමරීම සදහා කදවුරු සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සුහද කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදි.

2016 ඔක්තෝම්බර් මස 18 වන දින කදවුරට සහ කදවුරේ සංවර්ධනය සදහා දායකත්වය ලබා දුන් සියලූම සේවා පුද්ගලයන් හට ආශිර්වාද පතා සර්ව රාති‍්‍රක පිරිත් සජ්ජායනයක් සහ පසුදින දානමය පිංකමක් සිදු කර මහා සංඝයා වෙත සංඝගත දක්‍ෂිණාවක්ද පූජා කරන ලදි. කොග්ගල ඉරුගල් දේවාල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොග්ගල විමල කිර්ති හිමියන් විසින් මෙම ආගමික උත්සවයේ මුලසුන හෙබවූ අතර කොග්ගල කදවුර අවට බොහෝ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසකගේ සහ කදවුරු අණදෙන නිළධාරී ඇතුළු කදවුරේ සියලූම නිළධාරීන් සෙසු නිළයන් සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදි.

මෙම සංවත්සර දින සැමරුම එම කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී වික‍්‍රමරත්න නිළධාරීගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.