ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය - 2016

තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය මෙන්ම අතුරුදහන් වූ සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය 2016 ඔක්තෝම්බර් මස 22 හා 23 දිනයන්හීදී මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙම බෞද්ධ ආගමික උත්සවය ගුවන් හමුදාව විසින් යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය සියලූම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. ඒ අනුව 2016 ඔක්තෝම්බර් මස 22 වන දින සවස ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වුණු අතර 23 වන දින මුලූතැන් පූජාවක් සහ සාංඝීක මහා දානයක් ද පැවැත්විණ. තවද මෙහිදී ගුවන් හමුදා සක‍්‍රීය සේවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද කෙරිණ.

මෙම ආගමික උත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා කදවුරු / ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයින් පිරිසක් ද මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.