ගුවන් හමුදාධිපතිතුමන් කොරියානු ජනරජ ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2016 නොවැම්බර් මස 14 වන දින කොරියානු ජනරජයේ ගුවන් හමුදාධිපති ජීයොන් කියුං ඩූ මහතා හමුවිය.

ඓතිහාසික ප්‍රථම කොරියානු ජනරජ සංචාරය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ව කොරියානු ජනරජ ගුවන් හමුදා මූලස්ථානයේ දී උත්තමාචාර සම්මාන මුරයක් පවත්වමින් පිළිගනු ලැබූ අතර ඉන්පසුව ගුවන් හමුදා ප්‍රධානීන් දෙදෙනා ගුවන් හමුදා දෙක අතර ශක්තිමත් බැඳීම් ගොඩනගා ගැනීම පිළිබඳ ව සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ජයම්පති මහතා ගුවන් හමුදා දෙක අතර  ක්‍රියාකාරීත්වය සහ සහයෝගය වැඩි කරගැනීම පිළිබදව අවධාරණය කළ අතර මෙම සංචාරය දෙපාර්ශවය අතර වඩා හොඳ අන්තර් සම්බන්ධතාවයකට මග පාදනු ඇති බවට  විශ්වාසය පළ කළේය.
 
ගුවන් හමුදාධිපතිතුමන් කොරියානු රජයේ සුහද ආරාධනයකට අනුව මෙම නිල සංචාරයට සහභාගී විය. මෙහිදී කොරියානු ජනරජයේ ආරක්ෂක කර්මාන්ත ප්‍රවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඕ වොන් ජින් මහතා ද හමුවූ අතර රාජ්‍ය ආරක්ෂක ස්ථාන හා විවිධ ස්ථාන ගණනාවක ද එතුමන් සංචාරය කෙරිණ.

 
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.