අන්තර් ඒකක මළල කි‍්‍රඩා තරඟාවලිය - 2016

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් හිමි කර ගනිමින් 2016 අන්තර් ඒකක මළල කි‍්‍රඩා තරඟාවලිය කටුනායක ගුවන් හමුදා කදවුරු පරිශ‍්‍රයේදී 2016 නොවැම්බර මස 17 වන දින සාර්ථකව නිමා විය.

මෙම තරඟාවලියේ දක්‍ෂතම කි‍්‍රඩකයාට පිරිනමන ලක්‍ෂ්මන් ද අල්විස් අභියෝගතා කුසලානය ෆ්ලයිට් ලෙෆ්ටිනන් එස්පී කූරගොඩගේ විසින් හිමි කර ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ දක්‍ෂතම මළල කී‍්‍රඩිකාව සදහා පිරිනමන සභාපති මලල කි‍්‍රඩා අභියෝගතා කුසලානය ගුවන් කාන්තා රත්නායක විසින් දිනා ගැනීමට සමත් විය.

ගුවන් හමුදාවේ කි‍්‍රඩා කුසලතාවයන් වැඩි දියුණු කිරීම හා නවක කි‍්‍රඩකයන් හදුනා ගැනීම සදහා අන්තර් ඒකක මලල කි‍්‍රඩා තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

මෙම කි‍්‍රඩා තරඟාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්‍ෂක මෙහෙයුම් භුමි එයාර් මාර්ෂල් කේ යහම්පත් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ගුවන් හමුදා මලල කි‍්‍රඩා සංගමයේ සභාපති එයාර් කොමඩෝර් එම්ඞීඒපී පායෝ ඇතුළු ජේ්‍යෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
 
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.