කටුනායක සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ සංචාරයක නිරතවෙයි

කටුනායක ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය විසින් 2016 නොවැම්බර් මස 16 වන දින මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ  සංචාරයක නිරත වෙමින් එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හට ආශිර්වාද පතා දානමය පිංකමක් සංවිධානය කරන ලදි. අනතුරුව රෝගීන්ගේ හට ඇද ඇතිරිලි, කිරිපිටි, රෙදි සෝදන කුඩු, පොල්තෙල් සහ පාරිභොගික භාණ්ඩ රෝහල වෙත භාර දෙන ලදි. අනතුරුව කැලිප්සෝ සංගීත කණ්ඩායම මගින් රෝගීන් හට සංගීතමය රසාස්වාදයක් ලබා දීමට කටයුතු කරන ලදි.

කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය සහ එම මැතිණිය ඇතුලු සේවා වනිතා ඒකකය භාර නිළධාරී විංග් කමාණ්ඩර් කේඩීඑස් ගුණවර්ධන සහ කටුනායක සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.