අංක 52 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව විසිර යයි

අංක 51 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝතසවය 2016 නොවැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ ඇස්ට‍්‍රා සිනමා ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉලෙක්ට්‍රොනික උපකරණ හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජේ පී වනිගතුංග මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.   

මෙම පාඨමාලාව සති 15 ක පමණ කාළයක් පවත්වන ලද අතර පාඨමාලාව සාර්ථකව නිමකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 24 දෙනෙකු, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් නිළයේ නිළධාරියෙකු, ශ‍්‍රී ලංකා ‍යුධ හමුදාවේ කැප්ටන් නිළයේ නිළධාරීන් 02 දෙනෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාවේ එක් නිළධාරියෙකු හා මාලදිවයින ජාතික ආරක්ෂක හමුදාවේ එක් නිළධාරියෙකු ද හට මෙලෙස සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

මෙම කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිම කරන ලද නිලධාරීන් සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳව පිළිගත් පශ්චාත් උපාධි ඩිලප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබයි.

විශේෂ සම්මාන හිමිකරගනු ලැබූ නිළධාරීන්ගේ විස්තර පහත සඳහන් වේ.

සෑම අතින්ම දක්‍ෂ නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් එච් ජී ටී එස් විජයසිරිවර්ධන ( නියමු නිළධාරී පොදු රාජකාරි )

සෑම අතින්ම දක්‍ෂ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නොවන නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් මුහ්මද් නාස්මුල් හක් ( බංගලාදේශ ගුවන් හමුදාව )

දක්‍ෂතම පොත් සමාලෝචන නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් සී සී ටී ගමගේ ( තාක්‍ෂණ ඉංජිනේරු )

දක්‍ෂතම ක‍්‍රීඩකයා
ස්කොඩ්‍රන් ලීඩර් කේ එල් එන් තිසේරා ( රෙජිමේන්තු )

දක්‍ෂතම කළමණාකරණ නිළධාරියා
ස්කොdraන් ලීඩර් ඩබ් ජී බී ජී වනසිංහ ( වෛද්‍ය )

දක්‍ෂතම කථිකයා
ස්කොdraන් ලීඩර් ඩබ් ජී බී ජී වනසිංහ ( වෛද්‍ය )

ඉගෙනුම් අතින් දක්‍ෂතම නිළධාරියා
ස්කොdraන් ලීඩර් ඩබ් ඩබ් බී හර්ෂණ ( ගුවන් ඉංජිනේරු )

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.