ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් විරුවන් හට වීර පදක්කම් ප්‍රදානය කෙරේ

දශක තුනක ත්‍රස්තවාදය අපගේ මාතෘ භමියෙන් මූලින් උපුටා දැමීමෙි සංග්‍රාමයේදී තම රණශූර බව සපථලා වූ ගුවන් හමුදා සාමාජිකයන් හට වීර පදක්කම් පිරිනැමීමේ  අභිමානවත් උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 නොවැම්බර් මස 22 වන දින පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ඊගල්ස් ලැගූන් වීව් උත්සව ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

මෙම උත්සවයේදි පළමුව මව්බිමේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහි කිරීමෙන් අනතුරුව ආරම්භ කරන ලද අතර මෙහිදී 2009 මැයි මසට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී උතුරු හා නැගෙනහිර සිදු කරනු ලැබූ මානුෂීය මෙහෙයුම් වලදී පුද්ගලිකව දක්වන ලද ක්‍රියාවන් හා දක්ෂතාවයන් අගයමින් ගුවන් හමුදා නිළධාරීන් හා ගුවන් භටයින් 54 දෙනෙකු සදහා රණ ශූර පදක්කම (ආර් එස් පී) ප්‍රදානය කිරීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.

මෙම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන්, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ආබාධිත රණවිරුවන් ඇතුලු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පදක්කම් ප්‍රදානයේ පළමු අදියරය ලෙස ආරක්ෂක හමුදා සාමාජිකයන් 300 දෙනෙකු හට පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය 2016 ඔක්තෝබර් මස 27 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර එහිදී ගුවන් හමුදා සාමාජිකයින් 11දෙනෙකු රණ වික්‍රම පදක්කම ලබාගත් අතර 21 දෙනෙකු රණශූර පදක්කම ලබාගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.