අන්තර් ඒකක එල්ලේ තරගාවලිය 2016

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනතර් ඒකක එල්ලේ තරගාවලිය 2016 ගුවන් හමුදා කටුනායක කදවුරේදී 2016 නොවැම්බර් මස 28 වන දින පැවැත්වුණු අතර තරගාවලියේ සමස්ථ ශූරතාවය පිරිමි සහ කාන්තා පිළිවෙලින් ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසල් කණ්ඩායම සහ කටුනායක කදවුරු කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාවය කටුනායක සැපයුම් සහ නඩත්තු ඩිපෝ කණ්ඩායම හිමි කර ගත් අතර කාන්තා අනුශූරතාවය ඒකළ වෘත්තීය පුහුණු පාසල සහ ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඒකාබද්ධ කණ්ඩායම දිනා ගැනීමට සමත්විය.

සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම්ඞී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා එල්ලේ සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ආර්එච්කේපී රණසිංහ, නිළධාරීන් ඇතුළු සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.