ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවලිය - 2016

2016 අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළිය පසුගිය 2016 නොවැම්බර් මස 29 වන දින රත්මලාන කඳවුරු ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. තියුණු තරඟයකින් අවසන් වූ මෙවර තරගාවලියේ ශුරතාවය ගුවන් හමුදා කොළඹ කඳවුරු කණ්ඩායම දිනාගත් අතර අනුශුරතාවය ගුවන් හමුදා කටුනායක කඳවුරු තාක්ෂණික පක්ෂාංගය විසින් දිනාගන්නා ලදී.

ගෲප් කැප්ටන් ආර්ඒයූපී රාජපක්‍ෂ, ගෲප් කැප්ටන් එස්සීකේ පල්ලෙවෙල, විංග් කමාන්ඩර් ඩීආර්ඩබ් ජයවර්ධන, විංග් කමාන්ඩර් කේඒසී ඩයස්, විංග් කමාන්ඩර් පීඑන් ගුණතිලක, සැරයන් හේවගේ ඩීඑච්සීඅයි සහ නායක ගුවන් භට ගුණරත්න ඒපීබීඑස්එස් ජයග‍්‍රාහී කොළඹ කඳවුරු කණ්ඩායම නියෝජනය කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස්ඩී කොටගේ, ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ. 

විවෘත තරඟාවළිය පිරිමි ආධුනික, පිරිමි විවෘත, පිරිමි අවු 35 ට වැඩි සහ පිරිමි අවු 45 ට වැඩි වශයෙන් කාණ්ඩ හතරක් යටතේ පැවැත්වුණු අතර විශාල තරගකරුවන් ප්‍රමාණයක් තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටීම කැපී පෙනුනි. තරගාවලියේ ප්‍රතිඵල පහත සඳහන් පරිදි  වේ.

පිරිමි ආධුනික
ශූරතාවය - ස්කොඩ්රන් ලීඩර් කේඑච් රවින්ද‍්‍ර (චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණ්ඩායම)
අනුශූරතාවය - ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ආර්එම්එච්සී රාජසිංහ (රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය)

පිරිමි විවෘත
ශූරතාවය - ස්කොඩ්රන් ලීඩර් එච්එම්ටීකේ හේරත් (කටුනායක ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය)
අනුශූරතාවය - ස්කොඩ්රන් ලීඩර් කේඒඒඑස්කේ මුණසිංහ (රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය)

පිරිමි වයස අවු 35 ට වැඩි
ශූරතාවය - විංග් කමාන්ඩර් ඩීආර්ඩබ් ජයවර්ධන (කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම)
අනුශූරතාවය - ස්කොඩ්රන් ලීඩර් කේඒඒඑස්කේ මුණසිංහ (රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය)

පිරිමි වයස අවු 45 ට වැඩි
ශූරතාවය - විංග් කමාන්ඩර් ඩීආර්ඩබ් ජයවර්ධන (කොළඹ ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම)
අනුශූරතාවය - ගෲප් කැප්ටන් එච්යූ විජේවීර (කටුනායක ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික පක්‍ෂාංගය)

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.