4වන අන්තර්ජාතික අත්පන්දු තරඟාවළිය 2016

ක‍්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 4 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා අත්පන්දු කණ්ඩායම මැලේසියාවේ පවැත්වෙන 04වන අන්තර්ජාතික අත්පන්දු තරඟාවළිය සඳහා සහභාගී වූහ. 2009 වසරේදී අත්පන්දු ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තුළ ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව ගුවන් හමුදා අත්පන්දු කණ්ඩායමක් අන්තර්ජාතික තරඟාවළියක් සඳහා සහභාගී වූ පළමු වතාව මෙය වෙයි.

මෙහිදී  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම යූපීඑස්අයි අත්පන්දු ක‍්‍රීඩා සමාජය ලකුණු 18-15 ක් වශයෙන් පරාජයට පත්කරන ලදී. තරඟාවළිය 2016 නොවැම්බර් මස 26 වන දින සිට 2016 දෙසැම්බර් මස 04 වන දින දක්වා මලයාසියාවේ ටැන්ජුන්ග් මලිම් හි යූපීඑස්අයි ක‍්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී. තරඟාවළිය සඳහා කාන්තා කණ්ඩායම් 12 ක් පමණ සහභාගී වූහ.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.