පාසල් සිසු දරු දැරියන්ට ගුවන් යානා තාක්ෂණික මූලික දැනුම - දෙසැම්බර් වාරය අවසන් වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය මගින් පාසල් සිසු දරු දැරියන් උදෙසා පවත්වනු ලැබූ "ගුවන් යානා තාක්ෂණික මූලික දැනුම" 45 වෙනි පාඨමාලාව  2016 දෙසැම්බර් මස 07 දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී සාර්ථකව අවසන් විය.

මෙම පුහුණු වැඩසටහන දින තුනේ වැඩසටහන් පහක් ලෙස 2016 දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු කාලය තුළ පවත්වනු ලබන අතර මෙම වැඩසටහන් සඳහා 6-11 වසරවල පාසල් දරුවන් මහත් උද්යෝගයකින් යුතුව සහභාගී විය. පාසල් දරුවන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම පුහුණු වැඩසටහනේදී ගුවන් යානා තාක්ෂණයේ විවිධ අංගයන්ගේ මූලික දැනුම ලබාදීම මෙහිදී සිදුකරන ලද අතර තවද මෙහිදී න්‍යායාත්මක මෙන්ම ආදර්ශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ද දැනුවත් කිරීම් සිදු කරන ලදී.

සහභාගී වූ දරුවන් සදහා යෞවන ගුවන් සමාජයේ සාමාජිකත්වය ද පිරිනමන ලද අතර මෙම දරුවන්ට ගුවන් සේවා ක්ෂේත්‍රයේ වැඩිදුර දැනුම ලබාගැනීමට උනන්දු කරවීම පිණිස ගුවන් හමුදා කෞතුකාගාරය විසින්  ඉදිරියටත් විවිධ වැඩසටහන් පවත්වනු ලැබේ.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.