ශ‍්‍රී පාද රක්‍ෂිතයේ අතුරුදහන් වූවන් මුදවාගැනීමට ගුවන් හමුදාවේ සහාය

ශ‍්‍රී පාද රක්‍ෂිතයේ නල්ලතන්නි වනාන්තරය නැරඹීම සඳහා පිටත්ව ගිය  පුද්ගලයින් පස් දෙනෙක පසුගිය නොවැම්බර් මස 12 වන දින සවස අතුරුදහන් වූ අතර ඔවුන් මුදවා ගැනීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සිය දායකත්වය ලබාදෙන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පිහිටි අංක 4 හෙලිකොප්ටර් බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඊයේ (නොවැම්බර් මස 13 වන දින*  සවස 4.00 ට පමණ ගුවන් හමුදා ජීවිතාරක්‍ෂක භටයින් කණ්ඩායමක්ද සමගින් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් ගත කෙරිණි.  අධික මීදුමත් ඝණ වනාන්තර වැස්මත් යන දෙකින්ම ආවරණය වී තිබියදී පවා අධික වෙහෙසක් සහ දැඩි කැපවීමකින් යුතුව බෙල් 412 හෙලිකොප්ටර් යානා කාර්ය මණ්ඩලය හට අඳුරු වැටීමට පෙරාතුව අතුරුදහන් වූවන් සිටින ස්ථානය සොයා ගැනීමට හැකි විය. කෙසේ වෙතත් දැඩි මීදුමත් ඝණ වනාන්තර වැස්මත් හේතුවෙන් ගුවන් හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමට ගුවනින් එම් ස්ථානය වෙත ගොඩ බැසීමට අපහසු විය. ක‍්‍රම ක‍්‍රමයෙන් වියැකීයන් ආලෝක තත්වය යටතේ ආසන්නයේම පිහිටි ආරක්‍ෂිත භූමියක් වෙත හෙලිකොප්ටර් යානාව ගොඩ බැස්සවීම සිදු කලත් යුධ හමුදාවේ සහ පොලිසියේ ගොඩබිම් මුදවාගැනීමේ කණ්ඩායම් වෙත අතුරුදහන් වූමන් සිටින ස්ථානයේ ජීපීඑස් ඛණ්ඩාංක ලබා දෙන ලදී.

අද උදෑසන වින විටත් ගොඩබිම් මුදවාගැනීමේ කණ්ඩායම් හට එම ස්ථානයන් කරා ලඟා විය නොහැකි තත්වයක් පැවතුණහොත් අතුරුදහන් වූවන් හට ගුවනින් ආහාර පාන ලබා දීමට බෙල් 412 හෙලිකොප්ටර් යානාව සූදානමින් පසුවිය. කෙසේවෙතත් ගොඩබිම් මුදවා ගැනීමේ කණ්ඩායම් අතුරුදහන් වූවන් සිටින ස්ථානය වෙත ලඟා වන බවත් ගුවනින් ආහාර ලබා දීම අනවශ්‍ය බවත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දීමෙන් අනතුරුව එම මෙහෙයුම අවලංගු කරන ලදී. නමුත් අතුරුදහන් වූවන් සොයා ගැනීමෙන් අනතුරුව ඔවුන් හට ප‍්‍රථිකාර කිරීම සඳහා ගුවනින් පුවාහනය කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සූදානමින් පසුවිය. කෙසේවෙතත්, ඔවුන් සියළු දෙනාම ප‍්‍රථිකාර සඳහා ගොඩබිමින් ප‍්‍රවාහනය කරන ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.