ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2015 ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබයි

2015 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ - අන්තර් දෙපාර්තමේන්තු අංශයේ රන් සම්මානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී. සම්මාන උළෙල පසුගිය දෙසැම්බර් මස 15 වන දින රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පවත්වන ලදී.

රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාථ්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් 2015 ජාතික ඵලදායීතා සම්මාන උළෙල සංවිධානය කරන ලදී.  මෙම තරඟාවළිය සඳහා පසුගිය වසර තුළ ඵලදායීතා සංකල්ප සහ එම ක‍්‍රියාකාරකම් යොදා ගැනීම සාර්ථකව සිදු කරන ලද ආයතන ඇතුළත් කරගන්නා ලදි.

මෙම තරඟාවළියේදී, රන් සම්මානය දිනාගත් සංවිධාන මීට පෙර මෙම අංශයේ ඵලදායීතා සම්මානය දිනා නවතක්සේවන් තුළ  එම තත්වය දිගින් දිගටම ඉහලම පරිචයකින් පවත්වාගෙන මෙවර ලකුණු 90 කට වැඩි ලකුණු සාමාන්‍යයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

මෙහිදි, මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණු, පර්යේෂණ හා සංවර්ධන සහ සුභ සාධන යන අංශ්‍යන් ආවරණය වන පරිදි  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල, රත්මලාන තොරතුරු තාක්‍ෂණ පක්‍ෂාංගය, ගුවන් හමුදා කෞතුකාගාරය, අංක 04 බලඝණය සහ ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගය ඵලදායීතාව ඇගයීම සඳහා ඉදිරිපත් කරන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස් විසින් අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් රන් කුසලානය ලබා ගන්නා ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.