ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල් 10 වන පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ 10 වන පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය පසුගිය දෙසැම්බර් මස 12 වන දින අණ හා මාණ්ඩලික පාසල් ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයනේ මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී යුධ හමුදා නිලධාරීන් 64 ක්, නාවික හමුදා නිළධාරීන් 26 ක්, ගුවන් හමුදා නිළධාරීන් 24 ක් සහ විදේශ ශිස්‍ය නිළධාරීන් 12 දෙනෙකු ඇතුළත්ව නිලධාරී නිළධාරිනියන් 126 දෙනෙකු පාඨමාලාව සාර්ථකව නිමකොට උපාධි ලබාගන්නා ලදී.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් එල්ඒඑච්පී ලියනආරච්චී විසින් පීඨාධිපතිගේ හොඳම පර්යේෂණයට හිමිවන ”රන් පෑන” දිනාගන්නා ලදී. එසේම ඔහු ගුවන් පක්‍ෂාංගයේ  විශිෂ්ඨතම ශීෂ්‍ය නිළධාරියා ලෙස පත්වෙමින් ”ගෝලඩන් ඔවල්” සම්මානයට හිමිකම් කියන ලදී.

රාජ්‍ය ආරක්‍සක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී තුමන්, යුධ හමුදාධිපති තුමන්, නාවික හමුදාධිපති තුමන්, ගුවන හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අද්‍යක්‍ෂ මණ්ඩලය, ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන්,  ඇතුළු රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.