අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය 2016

2016 අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය පසුගිය දෙසැම්බර් මස 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහිදී, ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව සහ ගුවන් හමුදා මූලික කඳවුර හිඟුරක්ගොඩ පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

මූලික කඳවුර කටුනායක සහ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී. ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එල්එච්ඒ සිල්වා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

එක් එක් අංශයන්ගෙන් සම්මාන ලැබූ ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්

පිරිමි

හොඳම පන්දු ඔසවන්නා
45944 නායක ගුවන් භට මදුරංග එච්එම්අයි - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

දක්‍ෂතම ප‍්‍රහාරකයා
42023 නායක ගුවන් භට දසනායක ඩීඑම්ටීඑස් - මූලික කඳවුර කටුනායක

දක්‍ෂතම ක‍්‍රීඩකයා
ෆ්ලයිං ඔෆිසර් අයිඑම් වැලිවිටිගොඩ - සටන් පුහුණු පාසල දියතලාව


කාන්තා

හොඳම පන්දු ඔසවන්නිය සහ දක්‍ෂතම ක‍්‍රීඩිකාව
ඒඩබ් 01388 නායක ගුවන් කාන්තා ලක්මාලි ආර්ඒඅයි - මූලික කඳවුර හිඟුරක්ගොඩ

දක්‍ෂතම ප‍්‍රහාරිකාව
ඒඩබ් 3862 ගුවන් කාන්තා නිශාන්ති එල් - මූලික කඳවුර හිඟුරක්ගොඩ

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.