බෝම්බ නිෂ්ක්‍රීය භට පාඨමාලාව නිමාවෙයි

අංක 32 නිළධාරී, අංක 05 නිළධාරිණී,  අංක 47 ගුවන් භට, අංක 8 ගුවන් කාන්තා සහ අංක 23 නාවික හමුදා මූලික බෝම්බ නිෂ්ක්‍රීය පාඨාමාලා හැදෑරූ නිළධාරීන් ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ නාවික හමුදා භටයින් 43 දෙනෙකු පසුගිය 2016 දෙසැම්බර් මස 16 වන දින පාඨමාලාව සාර්ථකව නිමා කරමින් විසිර ගියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජානක අමරසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 02ක්, නාවික හමුදා නිලධාරීන් 02ක්, ගුවන් භටයින් 24ක්, ගුවන් කාන්තාවන් 02ක් සහ නාවික හමුදා භටයින් 03ක්  මාස පහකට අධික කාලයක් පවත්වන ලද පාඨමාලාව හැදෑරීය.

පියාසර නිළධාරී එස් ඩී ඩී රාමනායක හා ගුවන් භට කරුණාරත්න වී ආර් එස් ඩී පිළිවෙලින් පාඨමාලාවේ හොඳම යුධ උපකරණ විශේෂඥ නිලධාරී හා හොඳම යුධ උපකරණ විශේෂඥ ගුවන් භටයා ලෙස සම්මාන ලැබීය.

ගුවන් හමුදා පාලවි කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල් ඩී ආර් පී ගුණවර්ධන, බෝම්බ නිෂ්ක්‍රීය පාසලේ අණදෙන නිලධාරී  ස්කොඩ්‍රන් ලීඩර් කේ ඒ එන් අයි  කුමාරසිංහ, ගුවන් හමුදා පාලවිය කදවුරු නිලධාරීන් හා ගුවන් භටයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.