ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර සිය 36 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුර 2017 ජනවාරි මස 01 වන දින සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. සංවත්සරය සමරමින් 2016 දෙසැම්බර් 30 වන දින "කයිතඩි" වැඩිහිටි නිවාසයෙහි ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.    

සංවත්සර සැමරුම් වැඩ පෙළපාලිය ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කදවුරෙහි සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු අතර එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ එතුමන් කදවුරෙහි විවිධ කාර්යයන් ඉටු කිරීමට හා කදවුර නගා සිටුවීමට දායක වූ සියළු දෙනාට සිය ස්තුතිය පුද කළේය.

පෙළපාලිය පැවැත්වීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් ද සිහිකරමින්, කදවුරෙහි සේවය කරන සියලුම සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ආශිර්වාද පතා ආගමික උත්සවයක් පවත්වන ලදී. අනතුරුව සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විණ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.